Home » » පාසල් සිසුවියකට කොරෝනා.. ගුරුවරුන් සහ පාසලේ සිසු සිසුවියන් පිරිසකුත් නිරෝධායනයට.

පාසල් සිසුවියකට කොරෝනා.. ගුරුවරුන් සහ පාසලේ සිසු සිසුවියන් පිරිසකුත් නිරෝධායනයට.

ගම්පොල කලාප අධ්‍යාපන කාර්යයාලය යටතේ පාලනය වන නාවලපිටිය කදිරේෂන් මධ්‍යම මහා විද්‍යාලයේ 12 වසරේ අධ්‍යාපනය ලබමින් සිටි පාසල් සිසුවියකට කොවිඩ් 19 වෛරසය අසාදනය වි ඇති බවටි පි.සි.ආර් වාර්තා අනුව තහවුරු වු බවත් , අසාදිත සිසුවිය පේරාදෙණිය පැණිදෙණිය නිරෝධායන මධ්‍යස්ථානය කරා (10) දින යොමු කල බව නාවලපිටිය පස්බාගේ  කෝරලේ සෞඛ්‍යය වෛද්‍යය නිලධාරි කාර්යයාලයේ මහජන සෞඛ්‍යය පරික්ෂකවරුන් පැවසිය.

නාවලපිටිය නගරයේ සුපිරි වෙලදසැලක වෙලද සහයකයෙතු වශයෙන් කටයුතු කල අසාදිතයෙකුගේ දියණියටයි මෙසේ කොවිඩ් 19 වෛරසය අසාදනය වි ඇත්තේ.

පෙර අසාදිතයාගේ පවුලේ සමාජිකයන් ස්වයං නිරෝධානයට යොමු කර පසුව සිදු කල පි.සි.ආර් පරික්ෂණ වාර්තා අනුව පෙර අසාදිතයාගේ වැඩිමහල් දියණියට කොවිඩ් 19 වෛරසය අසාදනය වි ඇති බවට තහවුරු වි ඇත.

කොවිඩ් 19 වෛරසය අසාදනය වි ඇති පාසල් සිසුවිය වෛරසය අසාදනය විමට ප්‍රථම ඉකුත් (03) දින නාවලපිටිය කදිරේෂන් විද්‍යාලයට පිවිස ඇති නිසා එම පාසලේ සිසුවියගේ ළගම ආශ්‍රිතයන් වු ගුරුවරුන් 04 , එම සිසුවියගේ පන්ති කාමරයේ සිටි සිසු සිසුවියන් 10 දෙනෙකු , පාසලේ ආපන ශාලාවේ හිමිකරු, එම පාසල් සිසුවිය පදිංචි නාවලපිටිය හයින්පොඩ් ප්‍රදේශයේ අසල්වාසින් 09 දෙනෙකුත් ස්වයං නිරෝධනයට යොමු කර ඇත.

නාවලපිටිය කදිරේෂන් කාන්තා විද්‍යාලය විෂබිජහරණය කිරිමටද මහජන සෞඛ්‍යය පරික්ෂකවරුන් විසින් කටයුතු කර ඇත.

Share this article :

0 Post a Comment:

Post a Comment

New Gadget News

Contact Form

Name

Email *

Message *

Latest News

NEWS LANKA

 

Copyright © 2020. News Lanka

powered by Blogger