Home » » සෞඛ්‍ය අමාත්‍යංශය අදාල බටහිර වෛද්‍ය විද්‍යාවටයි.. අනෙක් ක‍්‍රම මිත්‍යාවන්, අවිද්‍යාවයි.. ඒවා පසුපස යාම නවතනු..

සෞඛ්‍ය අමාත්‍යංශය අදාල බටහිර වෛද්‍ය විද්‍යාවටයි.. අනෙක් ක‍්‍රම මිත්‍යාවන්, අවිද්‍යාවයි.. ඒවා පසුපස යාම නවතනු..

කොරෝනා වෛරසයට අදාළව නිශ්චිත සොයාගැනීම් කර ඇත්තේ බටහිර වෛද්‍ය විද්‍යාව තුළ බවත් ඒ සදහා ඖෂධයක් බටහිර වෛද්‍ය විද්‍යාවේ වත් නොමැති බව වෛද්‍ය රසායනාගාර තාක්ෂණවේදීන්ගේ සංගමය සඳහන් කරයි.

එහි සභාපති රවි කුමුදේශ් මහතා චෝදනා කරන්නේ එසේ තිබියදී සෞඛ්‍ය අමාත්‍යාංශය ජනතාව අතර මිත්‍යාව සහ අවිද්‍යාව පැතිරවීමට ඉඩ දෙමින් සිටින බවයි.

ලංකාව බටහිර වෛද්‍ය විද්‍යාව අනුගමනය කරන රටක් බවත් මෙරට විශාල වශයෙන් විශ්වාස කරන්නේ බටහිර වෛද්‍ය විද්‍යාව බවත් ලෝකයේ ද එය එසේම බව ඔහු සඳහන් කළේය.

සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය ගේ අමාත්‍යාංශය සම්පූර්ණයෙන්ම අදාළ වන්නේ බටහිර වෛද්‍ය විද්‍යාවට බව ද ඔහු සඳහන් කළේ ය.

එසේ තිබිය දී විවිධ දේශීය වෛද්‍ය ක්‍රම, ගුරුකම්, මුට්ටි වැනි කාරණා සමග නරක ලෙස මුසුවීමේ ප්‍රවනතාවයක් ඇති බවත් ඒ සඳහා ජනමාධ්‍ය ආයතන විශාල ප්‍රචාරය කරන බවත් ඔහු සඳහන් කළේය.

ජනතාව මිථ්‍යාවේ සහ අවිද්‍යාවේ ගැලීම පාලනය කිරීම සෞඛ්‍ය අමාත්‍යාංශ සහ රජයේ වගකීම යයිද ඔහු කියා සිටියේය.

ඒ මහතා මෙම අදහස් පල කරන ලද්දේ කොළඹ දී පැවැති මාධ්‍ය හමුවක් අමතමිනි.

Share this article :

0 Post a Comment:

Post a Comment

New Gadget News

Contact Form

Name

Email *

Message *

Latest News

NEWS LANKA

 

Copyright © 2020. News Lanka

powered by Blogger