අළුතින් ස්ථාපිත කර ඇති මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් ලෙස විශ්‍රාමික යුද හමුදා මේජර් ජනරාල් ජගත් අල්විස් මහතා පත් කර තිබේ.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් එම පත්වීම ඊයේ දිනයේ සිදු කර ඇත.
අල්විස් මහතා ඒ වන විටත් ජාතික බුද්ධි අංශ ප්‍රධානියා ලෙස කටයුතු කරමින් සිටියේය.
ඔහු ශ්‍රී ලංකා යුද හමුදාවේ ගජබා රෙජිමේන්තුව නියෝජනය කළ අතර 2005-2010 කාලවකවානුවේ ජනාධිපති ආරක්ෂක අංශයේ ප්‍රධානියා ලෙස ද කටයුතු කළේය.
ඔහු කොළඹ ආනන්ද විද්‍යාලයේ ඉගෙනුම ලැබූවෙකි.



0 Post a Comment:
Post a Comment