Home » » ගිය මාස 08 දීම එකම ත‍්‍රීවිලයක්වත් ගෙන්වා නෑ.. ක්‍ෂෙත‍්‍රය බංකොලොත්..- චම්පික

ගිය මාස 08 දීම එකම ත‍්‍රීවිලයක්වත් ගෙන්වා නෑ.. ක්‍ෂෙත‍්‍රය බංකොලොත්..- චම්පික

අද වන විට මෙරට ආර්ථික අර්බුදයක්, රාජ්‍ය මූල්‍ය අර්බූදයක් සමග බැදුනු ජනතා අසහනයක් කරා ගමන් කරමින් ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පැවසීය.

දැනටමත් ලක්ෂ ගණනකට රැකියා අහිමිව ඇති බවත්, තවත් පිරිසක් පඩි භාගයක් ලබමින් ඇති බවත්, තවත් පිරිසකගේ අතිකාල කප්පාදු කර ඇති බවත් ඔහු පෙන්වමා දෙයි.

ගත වූ මාස 8 ක කාලයේදී එක ත්‍රීවිලයක්වත් මෙරට ගෙන්වා නැතැයිද කී ඔහු එම කාලයේදී ගෙන්වා ඇත්තේ මෝටර් රථ 28ක්, මෝටර් සයිකල් 277ක් පමණක් යයිද සදහන් කලේය.

පසුගිය වසරට සාපේක්‍ෂව එම ප්‍රතිශතය 3%ක් බවත් එනිසාම එම ක්ෂේත්‍රය සම්පූර්ණයෙන්ම බංකොලොත් වී ඇති බවත් පැවසීය.

ඔහු මේ බව සදහන් කරන ලද්දේ මුදල් අමාත්‍යංශ වැය ශීර්ෂයේදී අදහස් පල කරමිනි.

Share this article :

0 Post a Comment:

Post a Comment

New Gadget News

Contact Form

Name

Email *

Message *

Latest News

NEWS LANKA

 

Copyright © 2020. News Lanka

powered by Blogger