Home » » කොරෝනා එන්නත දෙන තුරු අපි අරගල කරනවා..- සජිත්

කොරෝනා එන්නත දෙන තුරු අපි අරගල කරනවා..- සජිත්

කොරෝනා එන්න ජනතාවට නොමිලේ ලබා දෙන තුරු සමගි ජන බලවේගය ජනතාවාදී අරගල සිදු කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කරයි. දැනට සාර්ථකත්...


කොරෝනා එන්න ජනතාවට නොමිලේ ලබා දෙන තුරු සමගි ජන බලවේගය ජනතාවාදී අරගල සිදු කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කරයි.

දැනට සාර්ථකත්වය ලබා ඇති එන්නත් ලොව අනෙක් රටවල් විසින් වෙන්කර ඉල්ලුම් කර අවසන් බවත් ශ්‍රී ලංකාව තවත් එවන් ක්‍රියාවලියකට සූදානමක් වත් නැති බවත් ඔහු පැවසීය.

කැනඩාව වැනි රටවල එම එන්නත් අතිරික්තයක්ද ඇති බවත් එවන් රටවල් වලින් හෝ ශ්‍රී ලංකාවට එන්නත් ලබා ගැනීමට ගිවිසුම් ගත විය යුතු බවද ඔහු කියා සිටියේය.

අද ශ‍්‍රී ලංකාවේ කොරෝනා මර්ධන වැඩපිලිවෙල ඩොලර් ගරන වැඩපිළිවෙළක් බවට පත් ව ඇති බවත් මුව ආවරණයෙන්, නිරෝධායනයෙන්, ගුවන් ටිකට්පත්, පරීක්ෂණ කට්ටලවලින් කොමිස් කාක්කන් කොමිස් ගසමින් සිටින බවද කියා සිටියේය.

පාර්ලිමේන්තුවේ අයවැය විවාදයට එක්වෙමින් ඔහු මෙම අදහස් පල කරන ලදී.

lankacnews

Share this article :

0 Post a Comment:

Post a Comment

New Gadget News

Contact Form

Name

Email *

Message *

Latest News

NEWS LANKA

 

Copyright © 2020. News Lanka

powered by Blogger