Home » » අපවත් වූ රාමඤ්ඤ මහ නාහිමි වෙනුවෙන් විනාඩියක් පාර්ලිමේන්තුව නිශ්ශබ්ද කරන්න කතානායක බෑ කියයි..

අපවත් වූ රාමඤ්ඤ මහ නාහිමි වෙනුවෙන් විනාඩියක් පාර්ලිමේන්තුව නිශ්ශබ්ද කරන්න කතානායක බෑ කියයි..

අපවත් වී වදාළ රාමඤ්ඤ නිකායේ මහා නාහි අතිපූජ්‍ය නාපාන ප්‍රේමසිරි හිමියන් වෙනුවෙන් පාර්ලිමේන්තුවේ විනාඩියක නිශ්ශබ්දතාවයක් පැවැත්වීමේ යෝජනාව කථ...


අපවත් වී වදාළ රාමඤ්ඤ නිකායේ මහා නාහි අතිපූජ්‍ය නාපාන ප්‍රේමසිරි හිමියන් වෙනුවෙන් පාර්ලිමේන්තුවේ විනාඩියක නිශ්ශබ්දතාවයක් පැවැත්වීමේ යෝජනාව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා විසින් අද ප්‍රතික්ෂේප කළේය.

සභාව ආරම්භයේදීම විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් කරන ලද ඉල්ලීමක් කථානායකයා වරයා විසින් ප්‍රතික්ෂේප කරමින් කියා සිටියේ ඒ සඳහා වෙනම යෝජනාවක් සම්මත කරගත යුතු බවයි.

එහිදී සභානායක දිනේෂ් ගුණවර්ධන මහතා සඳහන් කළේ පස්වරුවේ පැවැත්වෙන පක්ෂ නායක හමුවේ දී යෝජනාවක් සම්මත කරගෙන එම කටයුත්ත සිදු කිරීම යෝග්‍ය බවයි.

නමුත් විපක්ෂයේ මන්ත්‍රීවරුන් ඊට එකඟත්වය පළ නොකිරීම මත කතානායකවරයා විසින් මෙම යෝජනාව ප්‍රතික්ෂේප කරමින් සභාවේ කටයුතු ආරම්භ කරන ලදී.

lankacnews

Share this article :

0 Post a Comment:

Post a Comment

New Gadget News

Contact Form

Name

Email *

Message *

Latest News

NEWS LANKA

 

Copyright © 2020. News Lanka

powered by Blogger