Home » » බන්ධනාගාර තුල කොරෝනා මඩින්න දේශීය වෛද්‍ය ක්‍රම

බන්ධනාගාර තුල කොරෝනා මඩින්න දේශීය වෛද්‍ය ක්‍රම

බන්ධනාගාර ආශී‍්‍රතව ව්‍යාප්ත වන කොරෝනා වෛරසය පාලනය කිරීම සදහා දේශීය වෛද්‍ය ක‍්‍රම යොදා ගැනීමට තීරණය කර තිබෙනවා. ඒ අනුව ඖෂධ සඳහා අවශ්‍ය අමු...


බන්ධනාගාර ආශී‍්‍රතව ව්‍යාප්ත වන කොරෝනා වෛරසය පාලනය කිරීම සදහා දේශීය වෛද්‍ය ක‍්‍රම යොදා ගැනීමට තීරණය කර තිබෙනවා. ඒ අනුව ඖෂධ සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය බන්ධනාගාර ආශි‍්‍රතව වගා කිරීමට ද කටයුතු කරන බවයි, බන්ධනාගාර ප‍්‍රතිසංස්කරණ හා සිරකරුවන් පුනරුත්ථාපන රාජ්‍ය අමාත්‍ය සුදර්ශනී ප‍්‍රනාන්දුපුල්ලේ පැවසුවේ. 

මේ අතර බූස්ස බන්ධනාගාරයේ තවත් රැදවියන් 11 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වූ බව ගාල්ල දිස්ති‍්‍රක් ප‍්‍රාදේශිය වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය වෙනුර කේ සිංගාරච්චි පැවසුවා. එලෙස හඳුනා ගැනුණු රැඳවියන් 11 දෙනා කන්දකාඩු පුනුරුත්තාපන මධ්‍යස්ථානය වෙත මාරුකර තිබෙනවා. 

මේවනවිට බන්ධානගාර ආශී‍්‍රතව වාර්තා වන සමස්ථ කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 617 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. එම ආසාදිතයින්ගෙන් 578 දෙනෙකු බන්ධනාගාර ගත රැඳවියන් වන අතර අනෙක් 39 දෙනා බන්ධනාගාර නිලධාරීන් බවයි බන්ධනාගාර කොමසාරිස් පාලන චන්දන ඒකනායක නෙත් නිවුස් වෙත කියා සිටියේ.

Share this article :

0 Post a Comment:

Post a Comment

New Gadget News

Contact Form

Name

Email *

Message *

Latest News

NEWS LANKA

 

Copyright © 2020. News Lanka

powered by Blogger