Home » » වැඩබලන පොලිස්පති පොලිස්පති ධූරයට

වැඩබලන පොලිස්පති පොලිස්පති ධූරයට

වසරකුත් මාස හතක් වැඩබලන පොලිස්පති ධුරයේ කටයුතු කළ සී.ඩී. වික්‍රමරත්න මහතා පොලිස්පති ධුරයට පත්කරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පාර්ලිමේන්...

වසරකුත් මාස හතක් වැඩබලන පොලිස්පති ධුරයේ කටයුතු කළ සී.ඩී. වික්‍රමරත්න මහතා පොලිස්පති ධුරයට පත්කරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පාර්ලිමේන්තු සභාවට නිර්දේශ කර තිබේ.


ඒ ගැන තීන්දුවක් ගැනීඹට ලබන 23 සඳුදා සවස පාර්ලිමේන්තු සභාව කැඳවා ඇත.

1986 සිට වසර 33ක කාලයක් පොලිසියේ සේවය කළ සී.ඩී. වික්‍රමරත්න මහතා වසර 9ක කාලයක් ජාතික බුද්ධි අංශයේ සේවය කළේය. අනතුරුව දිවයිනේ බොහෝ ප්‍රදේශවල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි හා නියෝජ්‍ය පොලිස්පතිවරයකු ලෙස කටයුතු කර ඇති හෙතෙම 2006 වසරේ යාපනයේ මුහමාලේ සටන ජයග්‍රහණය කරන ලද අවස්ථාවේ යාපනය ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ලෙස කටයුතු කරමින් සිටියේය. ඔහු මෙයට පෙර වාර 13ක් වැඩබලන පොලිස්පති ලෙස කටයුතු කර තිබේ.

2019 අප්‍රේල් මස 26දා සිට මේ දක්වා වැඩබලන පොලිස්පති ලෙස කටයුතු කළ ඔහු පසුගිය කාලය පුරාම පරිපාලන කටයුතු පිළිබඳ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙසද ක්‍රියා කළේය.

lankaleadnews

Share this article :

0 Post a Comment:

Post a Comment

New Gadget News

Contact Form

Name

Email *

Message *

Latest News

NEWS LANKA

 

Copyright © 2020. News Lanka

powered by Blogger